ව්‍යාපාරික

බොරතෙල් මිල 6%කින් ඉහළට

බොරතෙල් මිල 6%කින් ඉහලට : ලෝක වෙළඳපොළේ වැඩිවීමක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට ගොස් ඇති අතර, අද (08) දිනයේදී එය සියයට 6කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබේ.

ඉරානය සමඟ පැවති සටන්විරාමය අවසන් වී ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යළි ගැටුම් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම් ක්‍රියාවලියට බලපෑම් එල්ල විය හැකි බවට වෙළඳපොළ තුළ අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5.95%කින් ඉහළ ගොස් ඩොලර් 78.50ක් දක්වා වැඩි වී ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් මිලද 5.95%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 74.60ක් වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button