
නව බස් ගාස්තු අද සිට
නව බස් ගාස්තු අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය බස් ගාස්තු සියයට 12 සිට සියයට 20 දක්වා ඉහළ නැංවීමට පසුගියදා අනුමැතිය ලබාදී ඇති අතර, ඒ අනුව මෙතෙක් රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව අද සිට රුපියල් 34ක් දක්වා සංශෝධනය වී ඇත. එමෙන්ම සුඛෝපභෝගී බස් රථ සහ අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල ගාස්තුද නව සංශෝධනයට අනුව ඉහළ දමා තිබේ.
නව ගාස්තු ක්‍රියාත්මක කිරීම සඳහා බස් රථ සේවකයන් දැනුවත් කර ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර යාවත්කාලීන කරන ලෙස උපදෙස් ලබාදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අද සිට දිවයින පුරා විශේෂ පරීක්ෂණද සිදු කිරීමට නියමිතය. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍ර සම්පූර්ණයෙන් යාවත්කාලීන කිරීමට තවත් දින දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවයි.



