විදෙස්

තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක්

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින්, රජයේ රෝහල්වල උපත ලබන සෑම දරුවෙකුටම ග්‍රෑම් 1ක රන් මුදුවක් පිරිනැමීමේ නව සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43ක් ඇතුළත මෙම ‘තායිමාමන්’ ව්‍යාපෘතියට අදාළ නිල ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම වැඩසටහන යටතේ රජයේ රෝහල්වල උපත ලබන සියලුම දරුවන්ට, ස්ත්‍රී හෝ පුරුෂ භේදයකින් තොරව, ග්‍රෑම් 1ක රන් මුදුවක් ලබාදීමට නියමිතය.

ව්‍යාපෘතිය සඳහා වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 755.83ක මුදලක් වෙන් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර ඇති අතර, බෙදාහැරීම පහසු කිරීම සඳහා රන් මුදු රජයේ රෝහල්වලම ආරක්ෂිතව ගබඩා කිරීමටද සැලසුම් කර තිබේ.

මෙම වැඩසටහන නිල වශයෙන් සැප්තැම්බර් 15 වනදා, හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නාදුරේ මහතාගේ උපන්දිනයට සමගාමීව ආරම්භ කිරීමට නියමිතය. එහෙත් ජුනි 22 වනදා, මහ ඇමති විජේගේ උපන්දිනයෙන් පසුව රජයේ රෝහල්වල උපත ලැබූ සියලු දරුවන්ටද මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button