
විදෙස්
ප්‍රංශයෙන් පළමු ඉබෝලා රෝගියා වාර්තා වෙයි
කොංගෝ ජනරජයේ පැතිර යන ඉබෝලා වෛරසය ආසාදනය වූ පළමු යුරෝපීය රෝගියා ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, කොංගෝවේ මානුෂීය සේවා කටයුත්තක නිරතව සිට ප්‍රංශයට පැමිණි වෛද්‍යවරයෙකුට මෙම වෛරසය ආසාදනය වී තිබේ.
ආසාදනය තහවුරු වීමෙන් අනතුරුව ඔහු වහාම විශේෂ ප්‍රතිකාර ඒකකයකට යොමු කර ඇති අතර, දැනට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.
කොංගෝ ජනරජයේ මේ දක්වා ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 260කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම, කොංගෝවේ අසල්වැසි උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.



