ව්‍යාපාරික

ජූලි 1 සිට දිනකට ලක්ෂයකට වැඩි පිරිවැටුමක් ඇති ව්‍යාපාර VAT හා SSCL සඳහා ලියාපදිංචිය අනිවාර්යයි

දිනකට රුපියල් ලක්ෂයකට වැඩි පිරිවැටුමක් ඇති සියලුම සේවා සැපයුම් සහ වෙළෙඳ ආයතන එළැඹෙන ජූලි 01 වැනිදා සිට වැට් බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා ලියාපදිංචි විය යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සහ සේවා සපයන්නන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු සඳහන් කළේ, මීට පෙර වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60ක් ලෙස පැවති නමුත් එය මේ වන විට රුපියල් මිලියන 36 දක්වා අඩු කර ඇති බවයි.

ඒ අනුව සේවා සැපයුම් ආයතන, තොග සහ සිල්ලර වෙළෙඳ ආයතන මෙන්ම නිෂ්පාදන ආයතනද වාර්ෂිකව රුපියල් මිලියන 36කට වැඩි බද්දට යටත් පිරිවැටුමක් වාර්තා කරන්නේ නම් VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය වන බව ඔහු පැවසීය.

ලියාපදිංචි වීම අන්තර්ජාලය හරහා හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ශාඛා කාර්යාලයක් මගින් සිදු කළ හැකි අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

“අපිට තිබුණේ වැට් සහ SSCL එක වසරකට මිලියන 60ක්. අපි සෘජු බද්ද ප්‍රමාණවත් මදි වීම නිසා තමයි මේ වක්‍ර බදු අනුපාත අඩුවෙලා වැඩි වටිනාකමක් ගෙවන්න වෙන්නේ. ඒ අනුව රටේ ආදායම ආරක්ෂා කර ගැනීම සඳහා තමයි වක්‍ර බද්ද මිලියන 36 දක්වා අඩු වෙලා තියෙන්නේ… ජනතාව වෙනුවෙන් තමයි මේ සියලු බදු මුදල් එකතු කරන්නේ. බද්ද ගෙවන්නේ සාමාන්‍ය මහජනතාව. ව්‍යාපාරික ප්‍රජාව කරන්නේ මේ බද්ද එකතු කරලා රජයට පවරලා දෙන එක ඒ සඳහා ලියාපදිංචි වීම තමයි වැදගත්”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button