
කාලගුණය
සවස 2න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද දිනය තුළ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි තත්ත්වයන් පවතිනු ඇති බව සඳහන් වේ. ඌව පළාතේ මෙන්ම මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.



