කාලගුණය

අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද දිනය පුරා වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

තවද ඌව හා නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පස්වරු 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව දැනුම්දී ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, දකුණු හා උතුරුමැද පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයක තරමක තද සුළං හමනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button