අද විශේෂ

බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර යන සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයා වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

මෙරටින් පලාගොස් අබුඩාබි නුවර සැඟවී සිටි මෙම සැකකරුවන් සතුව මැදපෙරදිග ගැටුම්වලදී ඉරානය භාවිත කළ බව කියන ඩ්‍රෝන යානා සහ මිසයිල සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ දර්ශන ජංගම දුරකථනවල ගබඩා කර තිබියදී එරට බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇත. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කර තිබේ.

සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඉන් අනතුරුව මෝදර චතුර වැඩිදුර විමර්ශන සඳහා කොළඹ නාරහෙන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර, බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button