කාලගුණය

නායයෑම් අවදානම් නිවේදන යළිත් යාවත්කාලීනයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අඛණ්ඩ වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය යළි යාවත්කාලීන කර තිබේ.

එම නිවේදනය අනුව අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි අදියර 1 මට්ටමේ විමසිලිමත්භාවය පවත්වා ගන්නා ලෙස ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම් දී ඇත.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයට ද, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. ජනතාව අවශ්‍ය අවස්ථාවලදී වහාම ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද NBRO වැඩිදුරටත් දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button