යුද්ධ සහ ගැටුම්

පාකිස්තාන අගමැතිගෙන් අමෙරිකා-ඉරාන සාම ගිවිසුම ගැන සුබ ආරංචියක්

මැදපෙරදිග කලාපයේ පැවති අර්බුදකාරී තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමක් සඳහා අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.

සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ගිවිසුමේ ඉදිරි ක්‍රියාමාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වය සමඟම සමීප සම්බන්ධතා පවත්වාගෙන යන බවයි.

ගැටුම්කාරී කාලසීමාව තුළ දෙරට අතර ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ ෂරීෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, “සාමය මීට වඩා කිසි දිනෙක ළඟ නොවූ බව” තම විශ්වාසය බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button