කාලගුණය

ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (13) දිනය තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක තද වැසි වාර්තා විය හැකි අතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු-මැද පළාත් සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගවත් සුළං හමනු ඇතැයි සඳහන්ය. සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන අකුණු හා හදිසි සුළං තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button