
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
අද (10) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සුළු වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ආශ්‍රිත ප්‍රදේශවල, උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයකින් තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං තත්ත්වයක් පවතින බව සඳහන්ය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ හදිසි තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.



