යුද්ධ සහ ගැටුම්

ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය (CENTCOM) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ.

වාර්තා අනුව, ඔමාන් වෙරළ ආසන්නයේ අමෙරිකානු හමුදාවට අයත් Apache හෙලිකොප්ටරයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර දියත් කර ඇති අතර, එය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අමෙරිකානු නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, ඉරානයට අනතුරු ඇඟවීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, යුද්ධය අවසන් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක සාකච්ඡාවලට මෙය බාධාවක් නොවනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරන බවය.

මුල් අදියරේ ප්‍රහාර හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ගුවන් ආරක්ෂක පද්ධති සහ රේඩාර් මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන සිදුකර ඇති බව වාර්තා වන අතර, ඉදිරියේදී තවත් ප්‍රහාර ක්‍රියාත්මක විය හැකි බවද විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අදාළ Apache හෙලිකොප්ටරය පසුගිය සඳුදා ඉරාන ෂාහෙඩ් ඩ්‍රෝනයක ප්‍රහාරයකට ලක්වූ බව සඳහන් වන නමුත්, එය හිතාමතා එල්ල කළ ප්‍රහාරයක්ද නැතිනම් අහම්බෙන් සිදුවූ සිදුවීමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

එම හෙලිකොප්ටරයේ සිටි නියමුවන් දෙදෙනා ආරක්ෂිතව බේරාගෙන ඇති අතර, ඔවුන් මුදාගැනීම සඳහා අමෙරිකානු නියමුවෙකු රහිත ඩ්‍රෝන් යාත්‍රාවක් යොදාගත් බව ජනාධිපති DONALD TRUMP ප්‍රකාශ කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button