
අදත් ප්‍රදේශ රැසකට වැසි
අද (18) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් වැසි තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන්ය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරුමැද, වයඹ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.



