ව්‍යාපාරික

ඩොලර් විකුණුම් මිල 331 සීමාව පසු කරයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (15) ශ්‍රී ලංකා රුපියල් 331 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවෙන් පෙන්නුම් කරයි.

අදාළ වාර්තාවට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රුපියල් 331.15ක් ලෙස සටහන්ව තිබේ.

2023 දෙසැම්බර් 05 වැනිදාට පසු ඩොලරයේ ගැනුම් මිල 323 සීමාව සහ විකුණුම් මිල 331 සීමාව එකවර ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

එදින ඩොලරයක ගැනුම් මිල රුපියල් 323ක් වූ අතර විකුණුම් මිල රුපියල් 333.20ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඒ අනුව වසර දෙකකට ආසන්න කාලයකට පසු ඩොලරයේ ඉහළම අගයක් අද දිනයේ වාර්තා වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button