
අද විශේෂ
බුත්තල දෙමළිය වැව පිටාර ගලයි
බුත්තල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෙමළිය වැව පිටාර ගැලීමක් වාර්තා වී තිබේ.
එම තත්ත්වය හේතුවෙන් බුත්තල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, දෙමළිය මාර්ගයේ කොටසක්ද ජලයෙන් වැසී ගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ වසර ගණනාවකට පසු දෙමළිය ප්‍රදේශයට මෙවැනි ජල ගැලීම් තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
අධික වැසි තත්ත්වය තවදුරටත් පැවතියහොත් ගොවි ජනතාවට සහ ගමනාගමනයට වැඩි බලපෑම් එල්ල විය හැකි බවද සඳහන් වෙයි.



