කාලගුණය

අද සවස 1න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත්වලට අද (02) සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මෙම වැසි තත්ත්වය බලපානු ඇති බව නිවේදනයේ දැක්වේ.

දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට මෙන්ම කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල වෙරළාසන්න ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලට අමතරව අම්පාර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button