
ශ්රී ලංකා කාන්තා පිල T20 තරගාවලි ජය තමන් සතු කරගෙනී
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි දෙවන විස්සයි20 තරගය ලකුණු 21කින් ජයගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය තමන් සතු කරගෙන තිබේ.
සිල්හෙට්හි අද (30) පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154ක් රැස් කළේය. එහිදී හර්ෂිතා සමරවික්රම ලකුණු 49ක් සහ චමරි අතපත්තු ලකුණු 42ක් ලබා දෙමින් ඉනිම ශක්තිමත් කළහ.
ලකුණු 155ක ජය ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 133ක් පමණි. ශ්රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවාගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනුණාය.
බංග්ලාදේශ ඉනිමේ අනෙක් කඩුලු දුවද්දී දැවීයාම්වලට ලක්වීමත් විශේෂත්වයක් විය. මෙම විස්සයි20 තරගාවලියට පෙර පැවති එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබුණි.



