යුද්ධ සහ ගැටුම්

ඊශ්‍රායලය – ලෙබනනය සටන් විරාමය අතරතුරත් ප්‍රහාර හුවමාරු දිගටම


ලෙබනනයේ ක්‍රියාත්මක වන සටන් විරාමය අතරතුරද, හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර ප්‍රහාර හුවමාරු නවතා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, දකුණු ලෙබනනයේ ප්‍රදේශ තුනක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, හිස්බුල්ලා සංවිධානයෙන් තම ජනතාවට ඇතිවන ආරක්ෂක අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ඊශ්‍රායලය හා ලෙබනනය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, එය උල්ලංඝනය කරමින් දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කරන බවට එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button