විශේෂාංග

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවේ ටෙක්සාස් වෙත වැඩම කරවයි

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක් අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මෙම වැඩසටහන යටතේ, ක්‍රි.පූ. 1 සිට 2 වන සියවස්වලට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නීලගිරි ස්ථූපයේ කැණීම්වලදී සොයාගත් ධාතුන් වහන්සේලා, තායිලන්තයෙන් ප්‍රදානය කර කොළඹ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළත් වේ.

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි 2 වැනිදා සිට මැයි 10 වැනිදා දක්වා ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී මහජන වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.

ටෙක්සාස් මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, එයට අනුමැතිය හිමිව ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button