
යුද්ධ සහ ගැටුම්
ඊශ්‍රායලය අමෙරිකාව ඉරාන යුද්ධයට ඇද දැමූවාද? කමලා හැරිස්ගේ චෝදනා සහ ට්‍රම්ප්ගේ ප්‍රතිචාර
ඊශ්‍රායලය විසින් අමෙරිකාව ඉරානය සමඟ ඇති ගැටුමකට ඇද දැමූ බවට අමෙරිකාවේ හිටපු උප ජනාධිපති කමලා හැරිස් චෝදනා කර තිබේ. ඇය මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බවට තමන් විශ්වාස කරන බවයි.
මේ අතර, හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ටෘත් සෝෂල් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් එරට අමෙරිකාවේ ශක්තිමත් සහ විශ්වාසනීය සගයෙකු බවට ඔප්පු කර ඇති බවයි.



