
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා 19න් පහල කාන්තා කණ්ඩායමට ලකුණු 3ක තියුණු ජයක්
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගයකදී, ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 3ක කඩුළු තරගයකින් ජය ලබා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ, ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ තරග 4ක් ක්‍රීඩා කර සියල්ලම ජයගනිමින් අපරාජිත කණ්ඩායම ලෙස ඉදිරියට පැමිණ තිබේ. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවද සහභාගී වන මෙම තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව දැක්වූ ක්‍රීඩා දක්ෂතාව විශේෂයෙන් අවධානයට ලක්ව ඇත.
පළමුවෙන් පිතිකරණයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4කදී සියල්ලන්ම දැවී ලකුණු 99ක් රැස් කළේය. එහිදී ලිමන්සා තිලකරත්න ලකුණු 35ක් සහ ප්‍රමුදි මෙත්සරා ලකුණු 21ක් ලබා දුන්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම, පන්දුවාර 19.5ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 96ක් පමණක් ලබාගැනීමට සීමා විය. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 3ක තරග ජයක් හිමි විය.
බෝලින් අංශයෙන් චමුදි ප්‍රබෝධා ලකුණු 22කට කඩුලු 3ක් ද, අසේනි තලගුණේ කඩුලු 2ක් ද, ශෂිනි ගිම්හානි කඩුලු 2ක් ද ලබා ගනිමින් ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් ලබා දුන්හ.
මෙම ජය ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ විශ්වාසය තවත් ශක්තිමත් කරන අතර, තරගාවලියේ ඉදිරි තරග සඳහාද ශක්තිමත් පදනමක් සපයයි.



