
පාප්වහන්සේ විවේචනය කළ ට්‍රම්ප්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ. යුද්ධය සම්බන්ධයෙන් පාප්වහන්සේ සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස මෙම විවේචනය සිදුකර ඇති බව සඳහන් වේ.
එම විවේචන අතරින් ට්‍රම්ප් මහතා චෝදනා කර ඇත්තේ පාප්වහන්සේගේ අදහස් අපරාධයන්ට අනුග්‍රහය දක්වන බවට සමාන වන බවයි. න්‍යෂ්ටික අවි නිර්මාණය සහ නගරවල සිදුවන අපරාධ පිළිබඳ පාප්වහන්සේගේ මතයන්ට තමන් එකඟ නොවන බවද ඔහු ප්‍රකාශ කර ඇත.
තමන් පාප්වහන්සේගේ රසිකයෙකු නොවන අතර ඔහු ලිබරල් අදහස් ඇති පුද්ගලයෙකු බවටද ට්‍රම්ප් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර, ට්‍රම්ප් මහතාගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුම හරහා පළ කර ඇති ඡායාරූපයක් ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ. එම පින්තූරය තුළින් තමන් ජේසුස් වහන්සේට සමාන ලෙස නිරූපණය කර ඇති බවට අර්ථ ගන්වනු ලබන අතර, ලෝක සාමය හා මිනිසුන්ට උදව් කරන සැබෑ නායකයෙකු ලෙස තමන් ඉදිරිපත් කර ඇති බවටද විවේචකයින් පෙන්වා දෙති.




