
2026 සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව
2026 වසරේ එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර විස්තරය පහතින් දක්වා ඇත. ඔබගේ පවුලේ සැමටත්, හිතමිතුරන්ටත් දැනුවත් කරන්න.
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු 20 සිකුරාදා
අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් 19 ඉරිදා
පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමට
අප්‍රේල් 13 සඳුදා දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදිනම අපරභාග 03.56 දක්වා.
පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි
ආහාර පිසීම
නැකත: අප්‍රේල් 14 අඟහරුවාදා පූර්වභාග 10.51 ට
වර්ණය : රක්ත වර්ණ (රතු) වස්ත්‍රාභරණයෙන් සැරසී
දිශාව: දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද, කැවිලි වර්ගයක් ද, දිකිරි සහ විළඳ ද පිළියෙළ කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
නැකත : අප්‍රේල් 14 අඟහරුවාදා අපරභාග 12.06 ට
වර්ණය : රක්ත වර්ණ (රතු) වස්ත්‍රාභරණයෙන් සැරසී
දිශාව: දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
නැකත : අප්‍රේල් 15 බදාදා පූර්වභාග 06.55 ට
වර්ණය : පච්ච වර්ණයෙන් (කොළ) සැරසී
දිශාව: නැගෙනහිර දිශාව බලා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත් වීම
අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.27 ට ශ්වේත වර්ණ (සුදු) වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ,
අප්‍රේල් 20 සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිශ්‍ර කිරිබතක් ද දිකිරි සහ අග්ගලා සමඟ කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
නැකත: අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට
වර්ණය:රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී
දිශාව:උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.
සුබ අලුත් අවුරුද්දක් වේවා!



