යුද්ධ සහ ගැටුම්

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා අද ඉස්ලාමාබාද්හිදී ආරම්භ වෙයි

 

“ඉල්ලීම් දිනාගත යුත්තේ යුදයුද්ධයෙන් නොව සංවාදයෙනි.” මැදපෙරදිග කලාපයේ දිගුකාලීන යුද උත්සන්නය අවසන් කිරීමේ අරමුණින්, ඉරානය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සාම සාකච්ඡා අද (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා අමෙරිකාව නියෝජනය කරමින් එරට උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ නායකත්වයෙන් යුත් දූත කණ්ඩායමක් මේ වනවිට පාකිස්තානයට පැමිණ සිටී.

එමෙන්ම, ඉරානය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චිගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක්ද මෙම සාකච්ඡාවට එක්වීමට සූදානම්ව සිටින බව වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි 28 වනදා, ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරයකින් පසු දින 40කට ආසන්න කාලයක් ගැටුම් පවත්නා අතර, පාකිස්තානයේ මැදිහත්වීමෙන් අප්‍රේල් 8 සිට සති දෙකක තාවකාලික සටන් විරාමයක් ක්‍රියාත්මක කර ඇත.

මෙම ගැටුම් තත්ත්වය හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික හා ආරක්ෂක බලපෑම් ඇතිව ඇති අතර, එය අවසන් කිරීම සඳහා මෙම සාකච්ඡා වැදගත් පියවරක් ලෙස සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button