
Tech
Artemis II චන්ද්‍ර මෙහෙයුම සාර්ථකයි – ගගනගාමීන් සමඟ Orion යානය පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබසී
ඉතිහාසගත චන්ද්‍ර ගවේෂණයක් ලෙස සැලකෙන Artemis II මෙහෙයුම සාර්ථකව අවසන් කරමින්, ගගනගාමීන් සිව්දෙනෙකු රැගෙන ගිය Orion ගගන යානය නැවත පෘථිවියට පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, එම යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
මෙම මෙහෙයුම, නව පරම්පරාවේ චන්ද්‍ර ගවේෂණයට වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, අනාගතයේ මානවයන් චන්ද්රය වෙත යළි යැවීමට මඟ පාදන ප්‍රධාන පරීක්ෂණයකි.
එමෙන්ම, ගගනගාමීන්ගේ ආරක්ෂාව සහ යානයේ ක්‍රියාකාරීත්වය සාර්ථකව පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් වූ බවත් සඳහන් වේ.



