ව්‍යාපාරික

OPEC+ මැයි මාසයේ තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට තීරණය කරයි – ලෝක වෙළෙඳපොළ ස්ථාවර කිරීමේ අරමුණක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන ‘OPEC+’ ජාත්‍යන්තර සන්ධානය, එළැඹෙන මැයි මාසයේදී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට අද (05) එකඟතාවට පැමිණ ඇත.

ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන තෙල් අපනයන රටවල් 10කින් සමන්විත මෙම සන්ධානයේ සාමාජික රටවල් 8ක් මෙම තීරණයට සහාය දක්වා තිබේ.

ඒ අනුව සෞදි අරාබිය, රුසියාව, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, කසකස්තානය, ඇල්ජීරියාව සහ ඕමානය දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් 206,000කින් වැඩි කිරීමට එකඟ වී ඇත.

මෙම වැඩි කිරීමත් සමඟ ඔවුන්ගේ ඒකාබද්ධ දෛනික නිෂ්පාදන ප්‍රමාණය බැරල් මිලියන 33.7ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ‘OPEC+’ සන්ධානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ගුවන් ප්‍රහාරවලින් හානි වූ බලශක්ති යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා කාලයක් ගතවනු ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෝ ජාත්‍යන්තර සමුද්‍රීය මාර්ග කඩාකප්පල් වීම වැනි තත්ත්වයන් බලශක්ති සැපයුමට බාධා කරමින් වෙළෙඳපොළ අස්ථාවරත්වය තවදුරටත් වැඩි කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද කර ඇත.

මේ අතර, මැදපෙරදිග ප්‍රදේශයේ පවතින යුධ තත්ත්වය හේතුවෙන් ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ ලෝකයේ තෙල් සැපයුමෙන් සుమාර පහෙන් එකක් ගෝලීය වෙළෙඳපොළ වෙත නොපැමිණෙන තත්ත්වයක් ඇතිව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button