යුද්ධ සහ ගැටුම්

ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශ අසත්‍යයි – ඉරානය කියයි

ඉරානය පවසන්නේ, අමෙරිකානු ප්‍රහාරක යානයක් බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා බේරාගත් බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය “Truth” සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ, එම ගුවන් නියමුවා අමෙරිකානු හමුදාවන් විසින් සාර්ථකව මුදාගත් බවයි.

එහෙත්, ඉරාන හමුදා මූලස්ථානය උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, එම බේරාගැනීමේ මෙහෙයුම අසාර්ථක වූ බවයි.

එමෙන්ම, දකුණු ඉස්ෆහාන් ප්‍රදේශයේදී අමෙරිකානු ගුවන් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවත් ඉරානය ප්‍රකාශ කරයි. එහිදී ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් දෙකක් සහ C-130 වර්ගයේ හමුදා ගුවන් යානයක් ද ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.

තවද, එම යානා කිහිපයක් තවමත් ගිනි ගනිමින් පවතින බවත්, කාන්තාර ප්‍රදේශයක දුම් නිකුත් වන ගුවන් යානා සුන්බුන් දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක්ද ඉරානය විසින් ප්‍රචාරය කර ඇත.

ඉරාන කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් විසින්ද ඒ සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳව අමෙරිකාව තවමත් නිල ප්‍රතිචාරයක් ලබා දී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button