
යුද්ධ සහ ගැටුම්
ඉරානයට අවසන් 48 පැයයි – හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම
හිරු නොබසින රාජ්‍යයේ ජනාධිපති විසින් නැවත ඉරානයට අනතුරු අඟවමින් සිහිපත් කර ඇත්තේ, එකඟාතවකට පැමිණීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ඉතිරිව ඇත්තේ තවත් පැය 48ක් පමණක් බව ය.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම “Truth Social” සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් මඟින් වන අතර, මෙම කරුණු සම්බන්ධයෙන් ඉරානයට දින 10ක කාලසීමාවක් ලබා දී ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.
එම කාලසීමාව දැන් ඉක්ම යාමට ආසන්න බව පෙන්වා දෙන ට්‍රම්ප්, තීරණාත්මක පිළිතුරක් ලබා දීමට ඉරානයට ඉතා සීමිත කාලයක් පමණක් ඉතිරිව ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.



