
කාලගුණය
ඉන්දුනීසියාවේ 6.0 ත්‍රස්ත භූ චලනයක් – ටාලාවුඩ් දූපතෙන් වාර්තා වෙයි
ඉන්දුනීසියාවේ අද (04) දිනයේ රික්ටර් මාපකයේ 6.0 ක ප්‍රබල භූ චලනයක් වාර්තා වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.
මෙම භූ චලනය උතුරු ප්‍රදේශයේ පිහිටි ටාලාවුඩ් දූපත ආශ්‍රිතව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
භූ චලනයෙන් සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, බලධාරීන් තවදුරටත් තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද වාර්තා වේ.



