
කාලගුණය
කොලොන්න සහ රත්නපුර ප්රාදේශීය කොට්ඨාස දෙකට නායයෑම් අනතුරු ඇඟවීමක්
රත්නපුර දිස්ත්රික්කයට මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් ප්රදේශ කිහිපයක නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම යටතේ කොලොන්න සහ රත්නපුර යන ප්රදේශ විශේෂයෙන් සදහන් කර ඇති අතර, ජනතාවට විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී ඇත.
අදියර 01 (Level 1) අනතුරු ඇඟවීමක් ලෙස නිකුත් කර ඇති මෙම නිවේදනය අද (04) පස්වරු 5.00 සිට හෙට (05) පස්වරු 5.00 දක්වා ක්රියාත්මක වන බවද එම සංවිධානය වැඩිදුරටත් ප්රකාශ කරයි.
මෙම කාලය තුළ නායයෑම්, පස් කඳුළු හා ගල් කඩා වැටීම් වැනි අවදානම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට ජනතාවට උපදෙස් ලබාදී ඇත.



