
කාලගුණය
මධ්‍යාහ්න කාලයේ ඇතිවිය හැකි දැඩි උනුසුමත් සමඟ සවස 2න් පසු වැසි
ඊයේ දින නිකුත් කරනු ලැබූ අවධානම් උෂ්ණත්ව කාලගුණ නිවේදනයත් සමග අද දින ළමුන් සහ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කරනු ලබන ඉල්ලීමත් සමග අද (26) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව වාර්තා වේ.
අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
එමෙන්ම ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



