
කාලගුණය
පස්වරු 1න් පසු දිස්ත්‍රික්ක කිහිපයකට වැසි – අකුණු අනතුරු ගැන දැනුම්දීම්
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පස්වරු 1.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවත් නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දක්නට ලැබිය හැකි බව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.



