විදෙස්

දින 2න් හෝමූස් විවෘත නොකළහොත් සියලු ඉරාන බලාගාර විනාසයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය විසින් මේවනවිට ගමනාගමනයට බාධා කරමින් අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය

දින දෙකක් පැය 48ක් ඇතුළත විවෘත නොකරන්නේ නම් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බව අමෙරිකානු ජනාධිපති DONALD TRUMP පවසයි. 

එතුමන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ , සිය TRUTH SOCIAL ගිණුම වෙත සටහනක් තබමිනි. 

එම සටහනට අනුව ඔහු මෙම සටහන තබන මොහොතේ සිට පැය 48ක අනතුරු ඇඟවීමේ කාලය ආරම්භ වන බව එහි සඳහන් වේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  මාර්තු 21 වන දින GMT 23:44ට මෙම සටහන පළ කර ඇති අතර ඒ අනුව  එනම් මාර්තු 23 වන දින GMT 23:44 දක්වා ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවස්ථාව හිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button