
ජපාන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉඩ ලැබේ ? – බලශක්ති අර්බුදය අතර නව පැතිකඩක්
ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති බව ජපානයේ කියෝඩෝ නිවුස් වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පවතින අවහිරතා තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වී ඇති අතර, සෘජු සංවාදය මගින් ගැටලු විසඳා ගැනීම වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් බවද අරග්චි අවධාරණය කර තිබේ.
අරග්චිගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජපාන රජයේ නියෝජිතයෙක් සඳහන් කර ඇත්තේ, අවහිරතා ඉවත් කිරීමට හොඳම මාර්ගය ඉරානය සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම බවයි.
කෙසේ වෙතත්, ජපාන බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙවැනි අවසරයක් ලබාගැනීමේදී අමෙරිකාව කුපිත නොවන ආකාරයෙන් ඉතා සැලකිලිමත් ලෙස ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම, හෝමූස් හරහා ජපන් නෞකාවලට ගමන් කිරීමට ඉඩ ලැබුණද, එය වර්තමාන ගෝලීය බලශක්ති අර්බුදයට සෘජු විසඳුමක් නොවන බවද ඔවුන් අවධාරණය කරයි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු කියෝඩෝ වෙත පවසා ඇත්තේ, අරග්චිගේ ප්‍රකාශය පිටුපස ඇති සැබෑ අරමුණ සවිස්තරාත්මකව විමසා බැලිය යුතු බවයි.
මේ අතර, අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ජපාන අගමැති සානේ ටකයිචි, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යළි ජපානය බලා පිටත්ව යන අවස්ථාවේ මෙම වර්ධනය සිදුවීම විශේෂ අවධානයට ලක්ව ඇත.



