
ඉරානයෙන් අනතුරු ඇඟවීම් තෙල්-ගෑස් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරන බව ප්‍රකාශය
ඉරානය තම බලශක්ති මධ්‍යස්ථාන වෙත නැවතත් ප්‍රහාර එල්ල වුවහොත්, එයට දැඩි ප්‍රතිචාරයක් ලෙස අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ සම්බන්ධ මිත්‍ර රටවල සියලු තෙල් හා ගෑස් මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශ කරන බවට තරයේ අනතුරු අඟවා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, පසුගිය පැය කිහිපය තුළ ඉරානයේ ප්‍රධාන ගෑස් නිධියක් ඉලක්ක කරමින් ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, ඉරානය දැනටමත් කලාපයේ වෙනත් රටවල තෙල් සම්පත් ඉලක්ක කරමින් ප්‍රහාර ආරම්භ කර ඇති බව සඳහන් වෙයි.
ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, “ඉරානයේ බලශක්ති පද්ධතියට පහර දීම සතුරා විසින් සිදුකළ විශාල වැරැද්දක්” බවයි.
එමෙන්ම, එවැනි ප්‍රහාර නැවත සිදු වුවහොත්, සතුරු රටවල් සහ ඔවුන්ගේ මිත්‍ර රටවල බලශක්ති පද්ධති සම්පූර්ණයෙන් විනාශ වන තෙක් ඉරානයේ ප්‍රතිප්‍රහාර නවත්වන්නේ නැති බවත් ඔහු අවධාරණය කර ඇත.
ඉදිරියේදී සිදු විය හැකි ප්‍රහාර මෙතෙක් එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු වනු ඇති බවටද ඉරානයෙන් තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.



