
අද පස්වරු 2න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරු 2.00 පමණින් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි පවා ලැබිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ස්වල්ප වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද වාර්තා වේ.
මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.



