
ව්‍යාපාරික
බොරතෙල් මිල 2.8%කින් ඉහළ- බැරලයක් ඩොලර් 103.08යි
දින ගනනාවක් ප්‍රවාහන කටයුතු ඇණහිට තිබූ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඊයේ (16) දිනයේ නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග තෙල් මිල සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කලද පවතින නොසන්සුන් කාරී තත්වය හමුවේ
ආසියානු වෙළෙඳපොළේ නැවතත් බොරතෙල් මිල ඉහල යමින් පවතී.
ඒ අනූව අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස සටහන් වී තිබේ.
ඊට සාපේක්ෂව අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද වාර්තා වේ.
මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය.



