
විදෙස්
ඉරානයට එරෙහි ප්‍රහාර: පෙබරවාරි 28 සිට සතුරු ඉලක්ක 15,000කට වැඩි ප්‍රමානයක් එල්ල කළ බව අමෙරිකාව කියයි
පෙබරවාරි 28 වනදා සිට මේ දක්වා සතුරු ඉලක්ක 15,000කට වැඩි ප්‍රමාණයක් වෙත ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
එරට ආරක්ෂක ලේකම් Pete Hegseth සඳහන් කළේ, මෙම හමුදා මෙහෙයුම යටතේ දිනකට ඉලක්ක 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සාර්ථකව ඉටු කර ඇති බවයි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ අමෙරිකාව සහ Israel එක්ව සිදු කරන ප්‍රහාර හේතුවෙන් Iran හමුදා බලය සැලකිය යුතු ලෙස දුර්වල වී ඇති බවයි.
එමෙන්ම මේ වනවිට ඉරානයට ක්‍රියාකාරී ගුවන් හමුදාවක් හෝ නාවික හමුදාවක් නොමැති බවද ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අමතරව, ඉරානය සතුව තිබූ මිසයිල සංඛ්‍යාව සේ 90%කින් පමණ අඩු වී ඇති අතර ඒකපාර්ශ්වික ප්‍රහාරක ඩ්‍රෝන යානා සංඛ්‍යාවද 95%කින් පමණ අඩුවී ඇති බවද Pete Hegseth වැඩිදුරටත් සඳහන් කර ඇත.



