
මැදපෙරදිග යුද්ධයෙන දරුවන් 1100කට වැඩි පිරිසකට හානි – UNICEF
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර දිනෙන් දින තීව්ර වෙමින් පවතින යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ වෙසෙන මිලියන සංඛ්‍යාත දරුවන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙයි.
එම සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව පසුගිය 28 වනදා සිට මේ දක්වා සිදුව ඇති ප්රචණ්ඩ ක්‍රියාවලින් අහින්සක දරුවන් 1,100කට අධික පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව වාර්තා වී ඇත.
එම වාර්තා අනුව මියගිය දරුවන් අතර ඉරානයේ ළමුන් 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ 4ක් සහ කුවේට් රාජ්‍යයේ දරුවෙකු ද ඇතුළත් බව සඳහන් වේ.
යුද ගැටුම් තවදුරටත් තීව්ර වුවහොත් මෙම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවටද යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.
වර්තමාන තත්ත්වය හේතුවෙන් කලාපය පුරා මිලියන ගණනක දරුවන්ට අධ්‍යාපනය අහිමි වී ඇති අතර, නිරන්තරයෙන් එල්ල වන බෝම්බ ප්‍රහාර නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තම නිවාස අහිමිව අවතැන්ව සිටින බවද වාර්තා වේ.
“දරුවන්ගේ ජීවිත අහිමි කිරීම, ඔවුන් ආබාධිත තත්ත්වයට පත් කිරීම හෝ ඔවුන් රඳාපවතින අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම කිසිදු අවස්ථාවක සාධාරණීකරණය කළ නොහැක,” යනුවෙන් යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.
මැදපෙරදිග කලාපයේ වෙසෙන මිලියන 200කට අධික දරුවන්ගේ ආරක්ෂාව සඳහා ලෝකය කඩිනමින් ක්‍රියා කළ යුතු බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.



