අපරාධ සහ ආරක්ෂාව

හැටන් ජල ගැටලුවක් උදෙසා ඇති වූ ගැටුමකින් 39 හැවිරිදි තිදරු පියෙකු මරුට

හැටන් රුවන්පුර මටුකැලේ ජනපදයේ ජල සැපයුම් ගැටලුවක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගැටුමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, බරපතළ තත්ත්වයේ සිටි එක් අයෙකු මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණයට පත්වූයේ රුවන්පුර ජනපදයේ මටුකැලේ වත්තේ පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකි. අනෙක් තුවාලකරුවන් පස්දෙනා මේ වනවිට දික්ඔය මුලික රෝහලේ හි ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය. තුවාලකරුවන් අතර මියගිය පුද්ගලයාගේ සොහොයුරාද සිටින බව වාර්තා වේ.

ජනපදයේ නළ ජල සැපයුම සම්බන්ධ ගැටලුවක් මත ඉකුත් 24 වැනිදා සිටම අදාළ පිරිස අතර බහින්බස්වීම් කිහිපයක් ඇති වී තිබූ අතර, එය පසුව ගැටුමක් දක්වා උත්සන්න වී ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් මාර්තු 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button