අද විශේෂ

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානය වාර්ෂික මංගල්‍යය උත්සවශ්‍රීයෙන් පැවැත්වෙයි

යාපනයට කිලෝමීටර් 64ක් පමණ නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (28) උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික එකමුතුව සංකේතවත් කරන මෙම මංගල්‍යයට සෑම වසරකම ඉන්දීය බැතිමතුන් 3,500කට වැඩි පිරිසක් සහභාගී වේ.

මෙවර මංගල්‍යයේ කොඩි එසවීම නෙදුන්තීවු මීසම් භාර පත්තිනාදන් පියතුමාගේ සහභාගීත්වයෙන් සිදු වූ අතර, එම අවස්ථාවෙන් උත්සව කටයුතු ආරම්භ විය. අනතුරුව යාපනය රදගුරු ජෙබරත්නම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණි.

වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මෙම මංගල්‍යය, වර්ග කිලෝමීටර් 1.15ක පමණ ප්‍රමාණයක් ඇති කුඩා දූපතක පැවැත්වෙන අතර, දෙරටේ ධීවරයන්ගේ ආගමික බැඳීම තවදුරටත් තහවුරු කරයි.

1974 දී දෙරට අතර ඇති වූ එකඟතාවයකට අනුව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, දෙරටේ ධීවරයින්ට එය භාවිත කිරීම සඳහා විශේෂ කොන්දේසි ද පනවා ඇත.

මෙවර මංගල්‍යයේ සියලු සංවිධාන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය යටතේ සිදුකෙරුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button