කාලගුණය

අඩු පීඩන කලාපය ඉවතට – තද වැසි අඩුවෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බැවින්, දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයකින් සඳහන් කරයි.

එහෙත් හෙට (23) දිනයේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වේ.

තවද කළුතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.

මධ්‍යම හා සබරගමුව පළාත්වලටත්, ඉහත සඳහන් කළ දිස්ත්‍රික්කවලටත් පස්වරු 2.00න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තද වැසිද අපේක්ෂා කෙරේ.

ඒ අතරම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත් අම්පාර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලටත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button