
කාලගුණය
බොහෝ ප්‍රදේශවල මි.මී. 100 ඉක්මවූ තද වැසි – ප.ව. 1.00 පසු ගිගුරුම් සහිත වැසි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ද ලැබිය හැකි බව සඳහන් වේ.
තවද, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයටද උදෑසන කාලයේ වැසි තත්ත්වය පවතින හැකියාවක් තිබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත වායුගෝලීය තත්ත්වයන් දක්නට ලැබිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.



