අද ලග්න

අද සිට දිවයිනේ වැසි වැඩිවේ – ප්‍රදේශ කිහිපයකට මි.මී 75ට වැඩි තද වැසි අනතුරු ඇඟවීමක්

අද (17) දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවීමට ඉඩ ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කය ද මෙම වැසි තත්ත්වයට බලපෑමට ලක් විය හැකි බව ද සඳහන් වේ.

විශේෂයෙන් මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි පවතින අවදානමක් ඇති බව අනාවැකි පළ කරයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.

උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අමතරව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින හැකියාවක් ද සඳහන් වේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button