ක්‍රීඩා

සිංහ VS කැන්ගරු සටන අද

T20 2026 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) රාත්‍රී 07.00ට නුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබේ. 

 

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නායකත්වය මිචල් මාර්ෂ්ට හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානකට විසිනි. 

 

‘මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනු ලබන්නේ නම් ඔවුන් බී කාණ්ඩය’ යටතේ සුපිරි අට දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගනු ඇත. 

 

මේ වනවිට ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම එහි තෙවන ස්ථානයේ පසුවෙයි.

 

කෙසේ වෙදත් සුපිරි අට දෙනාගේ වටයට රැඳිසිටීමට නම් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්යය වේ. 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button