
සා.පෙළ කාලය තුළ වැසි වැඩිවේ? NBRO අනතුරු ඇඟවීමක් – අඩු පීඩන කලාපයක් පිළිබඳ අනාවැකි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ තරමක වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින්, අවදානම් සහිත පාසල් සම්බන්ධ තොරතුරු අදාල කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් පෙර නිකුත් කර ඇති උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. විශේෂයෙන් මාර්ග භාවිතයේදී, පාසල් පිහිටි ස්ථාන හා ජනතාව ගැවසෙන ප්‍රදේශ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් පිළිපදිමින් ආරක්ෂාව තහවුරු කර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට 26 දක්වා පැවැත්වීමට නියමිතය.
මේ අතර, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (15) සිට අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
ඒ හේතුවෙන් ඉදිරි දිනවල නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.



