කාලගුණය

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 2කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් – පැය 24කට වලංගුයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද (13) පෙරවරු 6.00 සිට හෙට (14) පෙරවරු 6.00 දක්වා ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම වලංගු වන බව එම සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ (අවදානයෙන් සිටින්න) නායයෑම් අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 01 මට්ටමේ (විමසිලිමත් වන්න) අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කර අවශ්‍ය අවධානය යොමු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button