
ප්‍රදේශ රැසකට මි.මී. 50ට වැඩි තද වැසි අවදානමක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට අද දිනය තුළ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර්තා විය හැකි බව සඳහන් වේ. ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට අධික තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩක් පවතින බව දක්වා ඇත.
එමෙන්ම සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ලැබිය හැකි බවද සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



