කාලගුණය

ද ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

අද (12) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අලුයම නිකුත් කළ දිනපතා කාලගුණ අනාවැකියට අනුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි ඇතිවිය හැක.

විශේෂයෙන් නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි පවතිනු ඇති බව සඳහන් වේ.

උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. එම ප්‍රදේශ කිහිපයකටද මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ලැබිය හැකි බව අනාවැකිය කරයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව ද දැනුම් දී ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button